ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පසුගිය අප්‍රේල් මාසයේදී අත්සන් කළ ගිවිසුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.
ඉන්දීය අග්‍රාමාත්‍ය නර්න්ද්‍ර මෝදි මහතා 2025.04.04 සහ 05 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ කරන ලද සංචාරයන් අතරතුර
1. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද ගිවිසුම් සංඛ්‍යාව කොපමණද?
- එම එක් එක් ගිවිසුම් වලට අදාළ විෂය පථයන් මොනවාද? එම එක් එක් ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙනුවෙන් අත්සන් කරන ලද තැනැත්තන් කවුද?
- එම එක් එක් ගිවිසුම් වලට අදාළ විෂයභාර අමාත්‍යංශ මොනවාද?
- එම එක් එක් ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා ජනරජයේ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා ගන්නා ලද දිනයන් කවරේද?
එම ගිවිසුම් අත්සන් කිරීමට පෙර කැබිනට් අනුමැතිය ලබා ගත්තේද? එලෙස කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකා අංක මොනවාද? ඉහත කී ගිවිසුම් සියල්ලේම පිටපත් අද දින සභාගත කිරීමට පියවර ගන්නේද?
5.1 රජය පාලනයේ පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා ඉහත කී එක් එක ගිවිසුම සභාගත කිරීම අත්‍යවශ්‍ය බව ඔබ පිළිගන්නේද? එසේ නොමැතිනම් ඒ ඇයි?
යනාදී වශයෙන් අජිත් පී පෙරේරා විසින් නිශ්චිත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ඊට පිළිතුරු දෙමින් බිමල් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී හැකි ඉක්මණින් ඒ සඳහා පිළිතුරු දෙන බවයි. මේ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් ලබා දී තිබියදී පිළිතුරු දීමට තවත් කල් ඉල්ලීම පිළිතුරු දීම මග හැරීමට ගන්නා උත්සාහයක් බව පා.ම. අජිත් පී පෙරේරා ප්‍රකාශ කරන ලදී.
