කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 23 ත් 25 ත් අතර වයසේ පසුවන සිසුන් සිව්දෙනෙක්.
පොලිසිය පවසන්නේ, පෙරේදා(02) පස්වරුවේ අදාළ සිසුවිය කුලියාපිටිය ඩිපෝව ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර ප්‍රදේශවාසින් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
නවකවදය ලබාදීමේ සිදුවීමක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ ගෙන ඇති බවට සැක පළ කරන බව පොලීසිය පවසනවා
ඇයගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලිසිය සඳහන් කළා.
සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව කුලියාපිටිය පොලීසිය සිසුවියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ තමන් කුලියාපිටිය කාර්මික විද්‍යාලය තුළදී දරාගත නොහැකි ලෙස නවකවධයට ලක්වන බවයි.
තමන් පැවසීමට නොහැකි ආකාරයේ වධ හිංසනයන්ට මුහුණදුන් බවද පොලීසිය හමුවේ පවසා තිබෙනවා.
සැකකරුවන් අද(04) කුලියාපිටිය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
