කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නා ආකාරයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සලකා බලනු ලබන කඩයිම් ලකුණු ( Z-Score) අගය මත නොවන බව උසස් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා.
මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අද (04) පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
තවද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින විශ්වවිද්‍යාලයක් ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හඳුන්වන බව ද අගමැතිනිය පැවසුවා.
එබැවින් එක් සුවිශේෂී අවස්ථාවක දී පමණක් එනම්, 2019 වර්ෂයේ දී පමණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් වෛද්‍ය පීඨයට සිසුන් 100ක් ඇතුළත් කිරීමට සිදු වූ බැවින්, එහිදී භාණ්ඩාගාරයෙන් එම දරුවන්ට මුදල් ගෙවා කොතලාවල විශ්වවිද්‍යාලයට සුවිශේෂී තත්ත්වයක් යටතේ ඇතුළත් කළ බව හරිනි මෙනවිය කියා සිටියා.
ඉන් පසුව කිසිදු අයුරකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉසෙයිඩ් ස්කෝර් අගය සලකමින් කොතලාවල සරසවියට සිසුන් ඇතුළත් කරනොගත් බව හරිනි අමරසූරිය අගමැතිනිය අවධාරණය කළා.
එබැවින් කොතලාවල විශ්වවිද්‍යාලයට සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන්නේ ඔවුන්ට ම අනන්‍ය වූ ක්‍රමවේදයක් මත බව ද අගමැතිනිය සඳහන් කළා.
