ජූලි මාසයේ සිට විදුලි බිල 18.3% වැඩි කරන්න අවශ්‍යයි- ලංකා විදුලි බල මණ්ඩලය

ජූලි මාසයේ සිට විදුලි බිල 18.3% කින් වැඩි කිරීමට අවශ්‍ය යෝජනාව මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ බව විදුලි බල මණ්ඩලය පවසයි. සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා පවතින ගාස්තු සියයට 18.3% වැඩි කිරීමට අවශ්‍යය වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් ලබා ගැනීමේ බස්නාහිර පළාත සැසිය ඊයේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවැත්වුණා.
2025 අවසාන මාස 7 සඳහා පොරෝකතනය කරන ලද ආදායම රුපියල් බිලියන 230.7 කි. නමුත් ලංවිම මුළු වියදම් වල සාරාංශය ගත විට උත්පාදන බලශක්ති පිරිවැය රු. බිලියන 156.6 ක්ද, උත්පාදන ධාරිතා පිරිවැය රු.බිලියන 44.9ක්ද, සම්ප්‍රේෂණ පිරිවැය රු.බිලියන 12.9 ක්ද, කාලීන ණය සහ පොලී පිරිවැය රුපියල් බිලියන 14.1ක් ද, අතීතයේ නොගෙවූ ණය ආපසු ගෙවීම සඳහා රුපියල් බිලියන 5.2ක් සහ බෙදා හැරීමේ පිරිවැය රුපියල් බිලියන 47.8ක් වන අතර මුළු පිරිවැය රුපියල් බිලියන 276.5ක් බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.එස්.යූ.එම්. කුඩලිගම මහත්මිය සඳහන් කරන ලදී.
මෙහිදී ඉදිරි මාස 7 සඳහා ලංවිම රුපියල් බිලියන 42.2 ක හිඟයක් ඇස්තමේන්තු කර ඇත. ආදායම් සහ වියදම් ගැලපීමේදී තවත් අමතර ගැළපීම් දෙකක් සිදු කර ඇති අතර ඉන් පළමුවැන්න ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමදලේ (IMF) විස්තීරණ ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාව එකඟ වී ඇති ආකාරයට 2025 මුල් කාර්තුවේ ලංවිම වාර්තා කළ පාඩුව මේ සඳහා ගැළපීමත් දෙවැන්න නම් 2024 අවසානයේ අය ක්‍රම ක්‍රමවේදය අනුව ගැළපීම සිදුකළ බව වැඩිදුරටත් සඳහා කරන ලදී.
මෙම සමස්ත හිඟය පියවීම සඳහා පාරිභෝගිකයන් අතර සමාන ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය යෝජනා කරයි.
ඒ අනුව හිඟය මත පදනම්ව 2025 ජූනි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස 7 සඳහා සියලුම පාරිභෝගිකයන් සඳහා පවතින ගාස්තු 18.5%කින් වැඩි කිරීමට අදාළ යෝජනාව ලංවිම විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading