බැංකු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි.. උද්ඝෝෂණය හෙට කොළඹදී…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අහේතුක සහ අසාධාරණ ලෙස HDFC බැංකුවේ ව්‍යාපාර සීමා කිරීම තුළ මේ වනවිට ගැටළු රැසක් පැන නැගී ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. මේ වනවිට උද්ගතව පවතින හා අනාගතයේදී උද්ගතවිය හැකි ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා සංගමය විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ මුදල් අමාත්‍යංශ නිලධාරීන් සහ මහ බැංකු අධිපති වෙතින් කරන ලද සියලු ඉල්ලීම් එම වගකිවයුතු බලධාරින් විසින් නොසලකා හැර ඇත.
HDFC බැංකුව අනතුරුදායක තත්වයකට පත් වීමට ඉඩ හරිමින් ගැටලු විසඳීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු නොකරමින් වගකිවයුතු බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව, ලංකා බැංකු සේවක සංගමය විසින් ගනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්හි තවත් එක් ක්‍රියාමාර්ගයක් ලෙස අද (04) දින කොළඹ නගරය ආවරණය කරමින් පෝස්ටර් ව්‍යාපාරයක් සිදුකරන ලදී.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා බැංකු සේවක සංගමයේ ලේකම්, HDFC ශාඛා සංගමයේ සභාපති දිනේෂ් සේනානායක ප්‍රකාශ කළේ මෙම ගැටළු විසඳන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදු කරන බවයි. HDFC ඇතුළු අනෙකුත් බැංකු සේවකයින් හෙට (05) දහවල් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading