ජාත්‍යන්තර කම්කරු සමුළුවේ 113 වන සැසිවාරය ජිනීවාහි දී…

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සහ එහි සාමාජික රටවල වාර්ෂික රැස්වීම වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ (ILC) 113 වන සැසිවාරය ජූනි 2 සිට 13 දා දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා හි දී පැවැත්වේ.

මේ සඳහා ILO සාමාජික රටවල රජයේ නියෝජිතයන්, සේවායෝජකයින් සහ සේවකයින්ගේ නියෝජිතයන් සහභාගී වේ. මෙවර ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිතයන් ලෙස නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ සහ කම්කරු අමාත්‍යංශ ලේකම් එස්.එම් පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද, ජාත්‍යන්තර සබඳතා කම්කරු කොමසාරිස් බී. වසන්තන් යන අය සහභාගී විය. එසේම කම්කරුවන් නියෝජනය කරමින් ලංකා වෘත්තීය සමිති සම්මේලනය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන් සහබාගි වී ඇත.

මෙවර සමුළුවේ සැසිවාරයේදී, වැඩ කරන පරිසරයේ ජීව විද්‍යාත්මක උපද්‍රව වලින් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා නව ජාත්‍යන්තර ප්‍රමිතීන් සකස් කිරීම, වේදිකා ආර්ථිකයේ (platform economy) සේවය කරන්නන් සඳහා යහපත් වැඩ (Decent Work) තත්වයන් ඇති කිරීම සහ අවිධිමත් ආර්ථිකයේ සිට විධිමත් ආර්ථිකයට සංක්‍රමණය වීම ප්‍රවර්ධනය කිරීම සඳහා නව්‍ය ප්‍රවේශයන් කරුණු ආමන්ත්‍රණය කිරීමට අපේක්ෂා කරයි. Platform ආර්ථිකයේ සේවකයන් වන Uber සහ Pick Me වැනි සේවකයන් හට මේ වසරේ දී යහපත් රැකියා කොන්දේසි පිළිබඳව බලාපොරොත්තු සහගත වර්ෂයක් වනු ඇත.

Author

Related Posts