කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (02) දහවල් කාලයේ දී එම සිසුවිය කාර්මික විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර අසල සිටි පිරිසක් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා..
නවකවධය ලබාදීමේ සිද්ධියක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඇය මේ වනවිට කුළියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ කුලියාපිටිය පොලිසිය ඒ සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
අදාළ සිසුවියට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇති අතර කුලියාපිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
