අපේ බදු මුදල් අපි වෙනුවෙන් යන තේමාව සහිතව “බදු ශක්ති” නමින් “ජාතික බදු සතිය” අදින් (02) ආරම්භ වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය අද උදෑසන 9.30ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතය අතර අද (2) සිට ලබන 7 වනදා දක්වා මෙය ක්රියාත්මක බව සඳහන් වේ.
මේ අනුව බදු ගෙවීම සම්බන්ධයෙන් ජනතාවට අවබෝධය ලබා දීමට ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකාවේ රාජ්ය බදු ආදායමෙන් 90%ක් පමණ රැස් කරන්නේ දේශීය අදායම්, ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. ඉන් හරි අඩකට ආසන්න ප්රමාණයක් එනම් 42%-47% ක් පමණ එකතු කරන්නේ ශ්රී ලංකා රේගුවයි. වාර්තා පිට වාර්තා තබමින් එකතු කළ රේගු ආදායම පිළිවෙලින් 2018 රුපියල් බිලියන 923ක්, 2023 බිලියන 943, 202 බිලියන 1535 ක් ලබා ඇති අතර 2025 වසරේදී එය රුපියල් බිලියන 2115 දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරයි.
