ජාතික ජන බලවේගය අනිවාර්යයෙන් කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවනවා – ගමගෙදර දිසානායක

ඉදිරි දින කිහිපය තුළ ජාතික ජනබලවේගය කොළඹ මහ නගර සභාවේ බලය ස්ථිරවම පිහිටුවන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා. ඒ සඳහා ප්‍රගතිශීලී ලෙස කටයුතු කරන වෙනත් දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන මහජන නියෝජිතයන් පටු දේශපාලන අරමුණු පසෙකලා ජාතික ජනලවේගය වෙත සහය දෙන බව ඔහු සඳහන් කරයි.

පළාත් පාලන ආයතන යනු ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාව සංවර්ධනයක් අපේක්ෂා කර ආයතන බැවින් වෙනත් දේශපාලන පක්ෂ වල නියෝජිතන් ද පොදු ගමනක් යාම අපේක්ෂා කරන බව ඔහු සඳහන් කරන ලදී.

මේ මොහොතේ පැහැදිළිවම මහජන මතය තිබෙන්නේ ජාතික ජන බලවේගයට බවත්, ඒම බලය ඉක්මවා ගොස් සුන් බුන් එක් වූ විපක්ෂයට බලය පිහිටුවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඔහු සඳහන් කළා.  

Author

Related Posts