නුදුරේදීම පාර්ලිමේන්තුවේදී වැවිලි ප්‍රතිසංස්කරණ පනත සම්මත කරගතහොත් එය වාණිජ බෝග ඇතුළු එම ක්ෂේත්රය තුළ ඓතිහාසික ඉදිරි පියවරක් ලෙස දැක්විය හැකි බව, හිමිකාරීත්ව වැවිලිකරුවන්ගේ සන්ධානය පවසනවා.
කොළඹදී එම සංවිධානය හඳුන්වා දීමේ වැඩසටහනකදී මෙම අදහස් පළ කෙරුණා.
මෙරට තේ, රබර්, පොල්, කුළුබඩු ආදී වැවිලි කෂේත්‍රෙය් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා සියලුම වැවිලිකරුවන්ගේ නියෝජනයක් සහිත හිමිකාරිත්ව වැවිලිකරුවන්ගේ සන්ධානය නමින් නව සංවිධානයක් ඊයේ (01) ආරම්භ කෙරුණා.
මෙම වානිජ භෝග වගාවන් හා සබැඳි කර්මාන්තය තුළ විවිධ ගැටලුකාරී තත්ත්වයන් මේ වනවිට පවතින බව හිමිකාරීත්ව වැවිිලිකරුවන්ගේ සන්ධානය පවසනවා.
මෙම ගැටලු මර්දනය කර ගැනීමට නොහැකි වී තිබෙන්නේ, නිසි ප්‍රතිපත්තියක් හෝ රජය මගින් ක්‍රියාවට නැංවිය යුතු නිසි ක්‍රමවේදයක් හෝ විසඳුමක් නොමැතිකම නිසා බවද ඔවුන් පවසා සිටිනවා.
එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ක්ෂේත්රය තුළ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිසි ප්‍රතිපත්තිමය ක්‍රමවේදයක් හඳුන්වාදීම හරහා පවතින තත්ත්වයට පිළියම් සෙවීමේ හැකියාවක් තිබෙන බවයි.
