තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවකගේ ගැසට්ටුවක්

රජය විසින් මෙරට තහනම් සංවිධාන සහ පුද්ගලයින්ගේ ලයිස්තුව යළි සංශෝධනය කර තිබෙනවා. 

ඊයේ නිකුත් කළ නවතම ගැසට් නිවේදනයට අනුව, තහනම් සංවිධාන 15ක් සහ පුද්ගලයින් 217ක් ලෙස ලයිස්තුව සංශෝධනය කර තිබුණා.

මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

අවසන් වරට මෙම ගැසට් නිවේදනය පසුගිය පෙබරවාරි 20 වනදා සංශෝධනය කර තිබූ අතර ඊට සංවිධාන 15ක් සහ පුද්ගලයින් 222ක් ඇතුළත් කර තිබුණා.

නව ගැසට් නිවේදනයට අනුව එල් ටී ටී ඊ සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය ඇතුලු සංවිධාන මෙලෙස තවදුරටත් තහනම් සංවිධාන වනු ඇති.

Author

Related Posts