ත්‍රස්ත විරෝධි පනතක් ඕන-අධිකරණ ඇමති

ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍ය බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා. 

ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් ඊයේ (29) අධිකරණ අමාත්‍යවරයා වෙත භාරදීම සිදුකෙරුණා

ඒ එම අමාත්‍යාංශයේදීයි. 

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නොමැති බවයි.

Author

Related Posts