කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ වැඩසටහන යටතේ ආනයනය කරන ලද පළමු පොල් කිරි තොගය මේ වනවිට නිෂ්කාශන කටයුතු හා රසායනාගාර පරීක්ෂාව සදහා යොමුකර තිබෙනවා.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කළේ, මෙම තොගය , 2025 මාර්තු මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසු පොල් ගෙඩි මිලියන 200 කට සමාන පරිමාවක පොල් ආශ්රිත නිෂ්පාදන ආනයනය සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ගෙන්වන ලද පළමු තොගය බවයි
මෙම තොගය, පිටි කළ පොල් කිරි කර්මාන්තය සඳහා යොදාගැනිමට නියමිත බවත් මේ තුළින් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගෙන දේශීය වෙළඳපොළ තුළ පොල් මිල පහත බසිනු ඇති බවට අමාත්‍යාංශය අපේක්ෂා කරනවා.
එමෙන්ම මෙම තොඟය කොළඹ වරායේදී, ශාඛ නිරෝධායන ආයතනය, ප්‍රමිති ආයතනය, පොල් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු පරීක්ෂා කළ යුතු සියලු ආයතනවලින් අදාළ ආයතන වලින් අනුමැතිය ලැබීමෙන් පසු කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතයි.
