දේශබන්දු විශ්වාසභංග කමිටුව උණුසුම්! දිලීපට විරෝධයක්!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝනා පරීක්ෂා කරන ත්‍රිපුද්ගල කමිටුව දෙපාර්ශ්වයේ නීතිඥයන් අතර ඇති වූ විවිධ තර්ක විතර්ක හේතුවෙන් යම් යම් අවස්ථාවල ඊයේ උණුසුම් මුහුණුවරක් ගත්තේය.
මෙහිදී කමිටුවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවසුවේ කමිටුවේ කටයුතු සාමයෙන් පවත්වාගෙන යෑමට සියලුදෙනා වගබලාගත යුතු බවයි.
දේශබන්දු තෙන්නකෝන් කමිටුව හමුවේ දෙවැනි වතාවටත් ඊයේ පෙනී සිටියේය.
නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා වගඋත්තරකාර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් චෝදනා ඉදරිපත් කළ අතර ඇතැම් යෝජනා නොපිළිගන්නා බව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජීව සමරවික්‍රම මහතා එහිදී ප්‍රකාශ කළේය.
මාතර, වැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිත් වූ අතර ඒ අවස්ථවේදී විත්තිකාර පොලිස්පතිවරයාද යම් යම් කරුණු පැහැදිලි කළේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ නදුන් චින්තක නොහොත් හරක් කටාගේ දූරකථන විශ්ලේෂණ දත්ත අනුව 149 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පොලිස් මූලස්ථානයේ පැවති සාකච්ඡාවකදී එම 149 දෙනා අත්අඩංගුවට ගැනීමට තමා කොළඹ අපරාධ කොට්ඨශයේ එවකට වැඩබලන අධ්‍යක්ෂවරයාට නියෝග කළ බව තෙන්නකෝන් මහතා එහිදී පැවසුවේය.
කෙසේ වෙතත් එම නියෝගය දුන් පසු එහි යවනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ඨාශයේ කුමන කණ්ඩායමද නිලධාරීන් කොපමණ පිරිසක් එහි පිටත් කර හැරියේද යන්න පිළිබඳ තමා දැනුවත්ව නොසිටි බවත් වෙඩි තැබීමේ සිද්ධිය වීමෙන් පසු එනම් 2023 දෙසැම්බර් මස 31 වැනිදා අලුයම 04ට පමණ තමා ඒ ගැන දැනුවත් වූ බවත් තෙන්නකෝන් මහතා සඳහන් කලේය.
මේ අතර මෙම කණ්ඩායම යැවීමට වෑන් රථය දුන්නේ නිවැරදි ක්‍රියාපටිපාටිය ප්‍රකාරව බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම එම ප්‍රදේශයට කොළමින් පොලිස් කණ්ඩායමක් යැවීම ගැන දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, මාතර කොට්ඨාශය භාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරීවරයා සහ වැලිගම පොලීසියේ ස්ථානාධිපතිවරයා දැනුවත්ව නොසිටි බව වගඋත්තරකාර පොලිස්පතිවරයා කමිටුව හමුවේ පිළිගත්තේය.
හරක් කටා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී තමා පොලිස් නිලධාරීන් දැඩි බියක් දක්වන බව එම පළාතේ අවුරුදු තුනක් වැනි කාලයක් සේවය කළ අයකු ලෙස තමා දන්නා හෙයින් එම පළාතේ නිලධාරීන් දැනුවත් නොකර මෙම ක්‍රියාමාර්ගය ගත් බව දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම ආණ්ඩුව පත්වීමට පෙර අවස්ථා පහකදී එනම් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වැලිගම පොලීෂිය හමුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ සහ අභියාචනාධිකරණය හමුවේ සිද්ධියට සම්බන්ධ පාර්ශ්ව ප්‍රකාශ ලබා දී ඇති බවත් වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවද ප්‍රකශ සටහන් කරගෙන ඇති හෙයින් එම ප්‍රකාශ පරස්පරද යන්න සොයා බැලිය යුතු බවත් වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය වීරවික්‍රම මහතාසඳහන් කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. මේ අතර මාතර, වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වචික සාක්ෂි කැඳවීමට ත්‍රිපුද්ගල කමිටුව තීරණය කළේය.
ඒ අනුව පරීක්ෂණ කමිටුව විසින් ලබන 11 වැනිදා සාක්ෂිකරුවන් කැඳවනු ඇත. කමිටුව එදිනපෙරවරු 9ට රැස්වීමට නියමිතය.

Author

Related Posts