ට්‍රම්ප්ගෙන් ඇපල් සමාගමටත් බලපෑම්

ඇපල් ජංගම දුරකථන අමෙරිකාව තුළ නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම සමාගමට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇපල් සමාගම සිය ජංගම දුරකථන ඉන්දියාවේ හෝ වෙනත් රටක නොව සිය රට තුළම නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවට අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව සඳහන් වනවා.

එසේ නොවන්නේ නම් 25% ක තීරු බද්දක් ගෙවීමට කටයුතු කළ යුතු බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Author

Related Posts