කොටහේන දැරියගේ මව සාක්ෂි දෙයි

කොටහේන ප්‍රදේශයේ දැරිය සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම  ඊයේ (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වුණා.

කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා ඉදිරියේ මෙම සාක්ෂි සටහන් කරගැනීම සිදුව තිබුණා.

මිය ගිය දැරියගේ මියයාම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් දැරියගේ මව සඳහන් කළේ, බම්බලපිටිය විද්‍යාලයේ ගණිත ගුරුවරයා විසින් කරන ලද හිරිහැරය හා උපකාරක පන්ති අයිතිකරුවා කරන ලද ප්‍රකාශ හා බලපෑම් ඉවසා දරා ගැනීමට නොහැකිව ලජ්ජාවට පත්ව තම දියණිය සියදිවි නසා ගන්නට ඇතැයි තමන් සිතන බවයි.

එමෙන්ම  තම දියණිය මීට පෙර අවස්ථා දෙකකදීද සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවත් එක් අවස්ථාවක ඇය බෙහෙත් අධිමාත්‍රාවක් ගැනීමට සහ තවත් අවස්ථාවකදි, විදුලි පංකාවක එල්ලීමට පවා උත්සහ කළ බවත් ඇය සඳහන් කළා.  

මව තවදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේ, දියණියගේ මානසිකත්වය සම්බන්ධයෙන්  වෛද්‍ය මණ්ඩලයක් වෙතින් දැනුම්දීම් ලැබුණද  එවැනි තත්වයකදී පවා දියණිය විසින් නිතරම තමන් හිරකරගෙන සිටින බවට පවසන නිසා නිවසට ආසන්නවම පන්තිය තිබෙන බැවින් දියණියව උපකාරක පන්ති සඳහා තනිවම යැවීමට තමන් කටයුතු කළ බවයි. 

අප්‍රේල් 26 වැනි දින දියණිය හත්වැනි මහලේ සිට බැල්කනියෙන් පැන සිය දිවි නසා ගැනීමට පෙර එදින දියණිය පොතක් අල්ලාගෙන බැල්කනියේ වාඩිවී කල්පනා කරමින් සිටි බවට දුටු සැණින් බෙහෙත් රැගෙන එමු බව පවසා දියණීයව රෝහල්ගත කිරීමට කටයුතු කළ බවද මව එහිදී සඳහන් කළා. 

ඉන් අනතුරුව මව විසින් පවසා සිටියේ අප්‍රේල් මස 29 වන දින  දියණිය පන්ති සඳහා පිටත් වීමට සූදානම්වී විදුලි සෝපානය වෙත පිවිසුනද ඉන් පිටවන අයුරු නොදුටු බවයි.

දියණිය පිටවන අයුරු බැලිම සඳහා බැල්කනියට වි සිටියද දියණියනිය නොමැති නිසා තමා විදුලි සෝපානය අසලට යත්ම දඩස්ගා ශබ්දයක් ඇසුනු බවත් නැවත බැල්කනියට ගොස් බලනවිට දියණිය වැටිසිටන අයුරු දුටු බවත් පැවසුවා.

එහිදි මව සාක්ෂිදෙමින් පැවසුයේ දියණිය වාහනයකට හැප්පෙන්නට ඇතැයි තමා සිතු බවයි.

එවිට මාර්ගයේ බිම වැටී සිටි දියණියව ස්වාමි පුරුෂයත් සමඟ එක්ව රෝහලට රැගෙන ගොස් ඇති අතර එවිට දියණිය මිය ගොස් ඇති බව රෝහලේදී දැනගන්නට ලැබුණු බව මව සඳහන් කළා.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මවගෙන් සාක්ෂි විමසීම ඊයේ අවසන් කෙරුණු අතර දැරියගේ පියාගෙන් සාක්ෂි විමසීම මෙම මස 29 දිනට කල් තැබුණා.

Author

Related Posts