විගණකාධිපතිට ජනපති ගෙනාපු කෙනා එළියට

විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ඊයේ (21) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. 

හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වනවිට දින 42 ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතිනවා.

එම පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දනගේ නම නිර්දේශ කර තිබුණා.

කෙසේවෙතත් ඒම නිර්දේශය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීද එකඟතාව පළ නොවූ අතර ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා අද යළි රැස්වුණා.

එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට පක්ෂව ඡන්ද 3 ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 5 ක් හිමිව තිබුණා. 

එක් සාමාජිකයෙක් පමණක් ඡන්දය ලබාදීමෙන් වැළකී සිට තිබෙනවා. 

අද පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මුජිබුර් රහුමාන් ඒ පිලිබද අදහස් පළ කර තිබුණා. 

Author

Related Posts