අල්ලස්ගත් පොලිස් ලොක්කෙක් මාට්ටු

රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබුණේ සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් අනුවයි.

පැමිණිලිකරු විසින් මිලදී ගෙන ඇති ඉඩමකට අදාළව ඇති ආරවුලක් විසඳා සමතයකට පත්කර දීම වෙනුවෙන් හා පැමිණිලිකරුගේ ඉඩම් කටයුතු කරදරයකින් තොරව කර ගෙන යෑමට අවශ්‍ය කටයුතු කරවා දීම වෙනුවෙන් මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා තිබුණා.

පසුව අදාළ රු ලක්ෂ 5ක මුදල අයැද භාරගැනීමේ චෝදනාව මත පොලිස් ස්ථානාධිපතිවරයාව ඊයේ (21) සවස 5.25ට පමණ පුවරසන්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ නිල රාජකාරි කාර්යාලයේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading