මැතිසභේ සේවක කෑම බිල තුන්ගුණයකින් ඉහළට

පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව ඊයේ (21) තීරණය කළා.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතුණේ රුපියල් 1,000ක් වශයෙන්.

නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3,600ක් දක්වා වැඩි වනු ඇති.

එමෙන්ම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරින්ගේ කෑම බිල රුපියල් 1,500 සිට 4,000ක් දක්වා වැඩි කිරීමටද කමිටුව තීරණය කර තිබෙනවා.

සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසුවා.

පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක් කෙරෙනු ඇති.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2,000ක් දක්වා මෑතකදී වැඩි කෙරුණා.

Author

Related Posts