ඉන්දියාවේ පුහුණු වැඩසටහනකට ගිය මන්ත්‍රිවරු

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු නියෝජිතයින් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සතියේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

ඒ, නවදිල්ලියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ සහ පුහුණු ආයතනය (PRIDE) මඟින් පවත්වන පුහුණු වැඩසටහනකට සහභාගී වීම සඳහායි.

නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලිගේ නායකත්වයෙන් යුතු එම නියෝජිත පිරිස ඊයේ (21) ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුව තිබුණා.

මැයි 26 දින සිට 30 දින දක්වා පැවැත්වීමට නියමිත සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන, ව්‍යවස්ථාදායක සහ අයවැය පිළිබඳව යහපත් භාවිතයන්, පාර්ලිමේන්තු කමිටු පද්ධති සහ පාලන රාමු කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

Author

Related Posts