අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ජූනි 3වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල මහතා අද (21) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි අතර අත්අඩංගුවට ගැනුනේ ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුවයි.
