කෙහෙළිය තවදුරටත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන ජූනි 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද (20)  නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව මැයි 07 වන දින අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ,සිය අමාත්‍යාංශ කාර්ය මණ්ඩල සේවකයන් සඳහා වැටුප් ගෙවිය යුතු බව පවසමින් අමාත්‍යාංශ තුනකින් රුපියල් අසූ ලක්ෂයකට ආසන්න මුදලක් වංචාසහගතව ලබාගෙන එම මුදල් ඔහුගේ පක්ෂ කාර්යාලයේ කටයුතු සඳහා යොදා ගනිමින් රජයට රුපියල් කෝටියකට ආසන්න පාඩුවක් සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.

නඩුකරයේ සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද අධිකරණය අවසර ලබා දුන්නා.

එමෙන්ම ඔහුට හෙට (මැයි 21) අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර තිබුණා

Author

Related Posts