පොහොට්ටුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මිලාන් ජයතිලක යනු නඩු ගණනාවක හිමිකරුවෙක්.

ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව 2022 මැයි 17 වැනිදා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මීට අමතරව 2012 වසරේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටියදී ගල් කොරියක බලපත්‍රයක් ලබාදීම සඳහා, රුපියල් ලක්ෂ 7ක අල්ලස් මුදලක් ලබාගත් බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් 2023 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මිලාන් ජයතිලකට සහ එවක එහි සභිකයෙක් වූ අජිත් සිසිර කුමාර යන අයට කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබූවා.

Author

Related Posts