ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය ගැන පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසිය සම්බන්ධයෙන් අද (19) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ‘ස්වර්ණ භූමි’ ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

වාහන, ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති බවත්, තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක පැවතීම හේතුවෙන් වාහන සඳහා ලැබී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියා කරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Author

Related Posts