දුම්රිය වර්ජනය තවදුරටත්!අමාත්‍යංශයේ අප්‍රසාදය

විසඳුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත්කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් යොමු කර පුරප්පාඩු 909ක් සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ලබා ගෙන ඇති බවයි.

ඊට දුම්රිය ස්ථානාධිපතිවරු 106 දෙනෙකු ද ඇතුළත් බව එහි සඳහන්.

එමෙන්ම, වෘත්තිය සමිති සිදු කරන ඉල්ලීම්වලට අමාත්‍ය මට්ටමින් විසදුම් දී ඇති බවත්, දුම්රිය සේවාව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය මෙන්ම රජය ද සෑම අයුරකින්ම නොපසුබටව ක්‍රියාකරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

බඳවා ගැනීම ඇතුලූ‍ සේවා ගැටලූ‍ වලට විසඳුම් ඉල්ලා, දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ සංකේත වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

Author

Related Posts