බන්ධනාගාර බස් රථයක් සැකකරුවන් සමඟ වැලිගම නගරයට පැමිණ, එහි සිටි බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා නගරයේ සැරිසරමින් සිටි බවට තොරතුරු වාර්තා වනවා.
එම බස් රථය වැලිගම දුම්රියපොළට ආසන්නව නවතා අනතුරුව එහි ආරක්ෂාව සඳහා පැමිණ සිටි බන්ධනාගාර නිලධාරින් වැලිගම නගරයේ වෙළඳසැල් වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනිමෙන් පසුව එම ස්ථානයෙන් අදාළ බස් රථය පිටව ගොස් තිබෙනවා.
මෙම බස් රථය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසා තිබුණේ, ‘බන්ධනාගාරයට අයත් බස් රථයක් සැකකරුවන් සමග බාහිර ස්ථානයක නතර කර තැබීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නොමැති බවත්, එය බරපතළ වරදක් වන හෙයින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.
