තරිඳු උඩුවරගෙදර
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවායැයි කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කළ සාකච්ඡාවලට සහභාගී නොවන බව සමගි ජන බලවේගයේ ප්රකාශකයෙකු පැවසීය.
මැයි 15 වැනිදා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වන බව ප්රකාශ කළ නමුත්, එම ප්රකාශකවරයා කීවේ එවැනි සාකච්ඡාවලට සහභාගී වීමේ තීන්දුවක් පක්ෂය ගෙන නොමැති බවයි.
මැයි 14 වැනිදා පැවති සාකච්ඡාවට නලින් බණ්ඩාර සහභාගී වී තිබුණු නමුත්, එම සාකච්ඡාවලට ඉදිරියේදී සමගි ජන බලවේගය සහභාගී නොවන බව එම ප්රකාශකවරයා වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කරගැනීම සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් විමසීමට උත්සාහ කළ නමුත් ඔහු දූරකථනයට ප්රතිචාර නොදැක්වීය.
