රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලීසිය වෙඩි තබා තිබෙන බවට වාර්තා වනවා.
නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්රදේශයේ නිවසක් වැටලීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිදුවිම ඇතිවි තිබෙන බවයි පැවසෙන්නේ.
එහිදී තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් මෙලෙස කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබා තිබුණා.
පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බවයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
