මතභේදාත්මක හියුමන් ඉමියුනිග්ලොබියුලින් ප්‍රතිශක්තිකරණ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි නඩුවට අදාළව පත්කළ විනිසුරු මඬුල්ලෙන් මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබෙනවා.
මෙම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරියගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වන්නේ මහාධිකරණ විනිසුරුවරුන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන්ගෙන්.
මෙලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කිරීමේ අරමුණ වන්නේ මෙම නඩුව ඉක්මනින් විමසා අවසන් කිරීමයි.
කෙසේවෙතත්, විනිසුරු මහේන් වීරමන් සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම යෑමට නියමිත බැවින් ඔහු කමිටුවෙන් ඉවත් වන බව නීතිපති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
විනිසුරු මහේන් වීරමන් මහතා විනිසුරු මඩුල්ලෙන් ඉවත් වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරිය වෙත දැනුම් දීමට පියවර ගෙන ඇතැයි ද, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් තොගයක් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුකිරීම සහ රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළීම සැකකාර හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. 2024 වසරේ මුල ආරම්භ වූ මෙයට අදාල මහේස්ත්‍රාත් විමර්ශනය මෑත ඉතිහාසයේ අමාත්‍යවරයෙකුට එරෙහිව ඉතා කෙටි කාලයක් ඇතුළත මහාධිකරණයේ නඩු පැවරීමට හේතු වූ දූෂණ, වංචා චෝදනාව ලෙස සැලකෙනවා.
