ඖෂධ ආනයනය ගැන තීරණයක්

ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වා ගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ ටෙන්ඩර් අවලංගු විම් හා තත්ව පරික්ෂණ වලින් ඖෂධ තොග ප්‍රතික්ෂේප විම් වැනි කරුණු හේතුවෙන් මෙරට තුළ සිදුවන ඖෂධ හිඟය වළක්වා ගැනිම සඳහා එම පියවර ගන්නා බවයි.

ඒ අනුව මාස හයකට ප්‍රමාණවත් වන පරිදි එම ආරක්ෂිත ඖෂධ තොගය පවත්වා ගෙන යාමට නියමිත බව ඔහු ප්‍රකාශ කළා.

ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, මැලේසියාව හා ඇමෙරිකාව වැනි රටවල රජයන් සමඟ සාකච්ඡා කර සෘජුව එම ඖෂධ මෙරටට ආනයනය කිරිමට නියමිතයි.

වෛද්‍ය හංසක විජයමුණි මහතා පැවසුවේ මෙවැනි ආරක්ෂක ඖෂධ තොගයක් පවත්වා ගෙන යාමෙන් විවෘත වෙළදපළෙන් ඖෂධ මිලදී ගැනිමට වැයවන අතිරේක මුදලද අවම කර ගැනිමට හැකිවන බවයි.

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

Author

Related Posts