පාසල් දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට ගුරුවරයෙක් අත්අඩංගුවට

මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විසින් දෙවිනුවර ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, සිසුවියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.

සැකකරු අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර එම විෂයයට උනන්දුවක් දැක්වූ සිසුවියක් සමඟ සමීප වී ඇති බවයි වාර්තා වෙන්නේ.

බලධාරීන් පවසන්නේ, පැමිණිලි කිහිපයක් සහ වින්දිත දැරියගෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව‍යි.

දැරිය වෛද්‍ය පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලට යොමු කර ඇති අතර, සැකකාර ගුරුවරයා ලිංගික අපයෝජනය සහ බාල වයස්කාර දරුවෙකු ලිංගික ක්‍රියාකාරකම්වලට පොළඹවා ගැනීමට උත්සාහ කිරීම යන චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Author

Related Posts