විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධියට අදාල අයත් විභාග සමත්ව, පුහුණුව ලැබූ උපාධිදාරීන් වෙනුවට පුද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා දැනුම මිනුම විභාගයකට මුහුණදුන් පිරිසක් ඉදිරියේදී සෞඛ්‍ය සේවයට එකතු කර ගනු ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු හඟවයි.
ඉදිරියේදී බාල ප්‍රමිතියෙන් යුක්ත උපාධි ලබාගත් පුද්ගලයන්ටද සාමාන්‍ය දැනුම මිනුම විභාගයකින් සමත්ව රසායනාගාර, ඖෂධවේදී ඇතුළු සමසෞඛ්‍ය සේවාවන්ට එකතු විය හැකි බවත්, එය සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය බිඳහෙළීමක් බවත් ඔවුන් චෝදනා කරයි.
මෙය නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් මෙන්ම අධ්‍යාපනය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමක් බව ඔවුන් අනතුරු හඟවයි. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පහත නිවේදනය එයට සමගාමීව පළ කර තිබේ.
‘සමසෞඛ්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවාගැනීම සඳහා නිසි පටිපාටියක් සකසන ලෙසට ආණ්ඩුවට බලකරමින් දිගු කලක් පුරා අරගලයක් දියත් වෙමින් පවතී. මේ වන විටත් සමසෞඛ්‍ය වෘත්තිකයන්, සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ රටේ වෘත්තීය සමිති මෙම අරගලයට සහයෝගය පළ කරන අතර සියලු පාර්ශ්වයන් විසින් ආණ්ඩුවට ඉදිරිපත් කරන ඉල්ලීම වනුයේ දැනටම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති “කුසලතා පදනම මත වූ ලැයිස්තුව” (Merit list) ඒ සඳහා අනුගමනය කරන ලෙසයි. එසේම තිබෙන පුරප්පාඩු ප්‍රමාණයට ගැළපෙන උපාධිධාරීන් ප්‍රමාණයක් කුසලතා ලේඛනයට අනුව බඳවාගන්නා ලෙසයි. නමුත් එයට ඇහුම්කන් නොදෙන අනුර – නලින්ද ආණ්ඩුව ඒ සඳහා වූ දැනුම මිනුම විභාගයක් යෝජනා කරන ලදී. අරුමය නම් මෙම විභාගයම මීට පෙර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව 2021 වසරේදී සහ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව 2024 දී පවත්වන්නට උත්සාහ කිරීමයි. එම අවස්ථා දෙකේදීම රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු උපාධිධාරීන් විරුද්ධ වීම හේතුවෙන් එම විභාගයන් අවලංගු කර දැමූ අතර ඉන් අනතුරුව උපාධිධාරීන් විසින් දිගින් දිගටම යෝජනා කරන ලද කුසලතා අනුපිළිවෙල 2024 වසරේ දී සකස් කරන ලදී. නමුත් වත්මන් අනුර – නලින්ද ආණ්ඩුව එම කුසලතා අනුපිළිවෙල කුණු කූඩයට විසිකර නැවත දැනුම මිනුම විභාගය පැවැත්වීය. රැකියා පිළිබඳව බරපතල අවශ්‍යතාවයක් තිබියදී පවා පිරිස 473 වූ රාජ්‍ය විශ්වවිද්‍යාලයවල සියලුම උපාධිධාරීන් මෙවර ද විභාගය වර්ජනය කර අතර කොතලාවල ප්රමුඛ පෞද්ගලික උපාධිකඩවලින් උපාධිය ලබා ගත් 105 පමණක් ඒ සඳහා ඉදිරිපත් විය.
නිදහස් අධ්‍යාපනයට අත්තටු දෙන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව අධ්‍යාපනය මුදලට විකිණීම ප්‍රවර්ධනය කිරීමට මෙම විභාගයට පෙනී සිටි කොතලාවල ප්රමුඛ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගත් පිරිස රජයේ සේවයට බඳවාගැනීමට එලඹෙන 17 වැනිදා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ. මෙය නිදහස් අධ්‍යාපනය විනාශ කරමින් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ තීරණාත්මක පියවරකි. එනිසා වත්මන් අනුර – නලින්ද ආණ්ඩුවේ මෙම උත්සාහය අනිවාර්යයෙන් නතර කළ යුතුව පවතී.‘
පහත දැක්වෙන්නේ සටහන් නාළිකාව සමඟ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කළ සාකච්ඡාවකි.
