විදුලිබල මණ්ඩලයේ දූෂණය හා නාස්තිය අඩු කිරීමෙන් 30%ක විදුලි ගාස්තු අඩු කිරීමට ජාතික ජන බලවේගය ලබා දී ඇති පොරොන්දුව බොරුවක් බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා ප්‍රධාන හේතුව පිරිවැයට වඩා අඩු ගාස්තු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු X ගිණුමෙහි සටහනක් පළ කරමින් මේ බව සඳහන් කළා.
එහිදී හර්ෂද සිල්වා මහතා සඳහන් කර ඇත්තේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් විදුලිබල පනත ආපසු හරවා නොගතහොත් තරගකාරීත්වය මගින් පිරිවැය අඩු කරගත හැකි බවයි.
ඔහුගේ එක්ස් පණිවිඩයේ මෙසේ සඳහන්. “ඔව්, දූෂණය තිබුණා සහ තියෙනවා, නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩු සඳහා ප්‍රධාන හේතුව පිරිවැයට වඩා අඩු ගාස්තුයි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වත්මන් පනත ආපසු හරවා නොගන්නේ නම් සහ බිල්පත් ගෙවීමට අසීරු අය අතට මුදල් ලබා දෙන්නේ නම් තරඟකාරීත්වය මඟින් පිරිවැය අඩු කළ හැකියි”
ඒ අනුව ඔහු ප්‍රවර්ධනය කරන්නේ විදුලි බිල අයිඑම්එෆ් යෝජනා මත ඉහළ මට්ටමක තබාගන්නා ලෙසත්. රනිල් වික්‍රමසිංහ- කංචන විජේසේකර විදුලිබල පනත එලෙස තබාගනිමින් විදුලිබල මණ්ඩලය විකුණා තරගකාරීත්වයක් ඇති කරන ලෙසත්, ඒ අතරේ විදුලි බිල දරාගන්න බැරි පිරිස අතට සල්ලි දෙන ලෙසත් (ඉතින් සල්ලි දෙන එකේ කෙළින්ම විදුලි බිල අඩු කළ හැකියි නේද?) කල් යද්දී ඉබේම විදුලි බිල අඩු වනු ඇති බවත් වූ නව ලිබරල් ප්‍රවේශය. ඇත්තෙන්ම දැන හෝ නොදැන වත්මන් ආණ්ඩුව අතින් ක්‍රියාත්මක වෙන්නේත් ඒ ප්‍රවේශය. එහෙත්, එසේ කරන අතර ජාතික ජන බලවේගය මැතිවරණයට කලින් පොරොන්දු වූ සංකල්ප ‘මෝඩ හෝ ව්‍යාජ‘ ඒවා බව හඟවන්නටත් හර්ෂ ද සිල්වා මහතා කටයුතු කරනවා.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය වන පොහොසත් රටක්- ලස්සන ජීවිතයක් ප්‍රකාශයෙහි සඳහන් කර ඇත්තේ දූෂණය අඩු කිරීමෙන් විදුලි බිල අඩු කරන බව නොවෙයි. ඔවුන් ඉතා පැහැදිලිව සහ නිවැරදිව පෙන්වා දී තිබෙන්නේ විදුලිබිල වැඩි වීමට මිල අධික බලශක්ති ප්‍රභව හේතු වී තිබෙන බවයි.
‘කලාපයේ විදුලි මිල ධික රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින්ම සිටියි. දශකගණනක් පුරා සිදු කළ වැරදි ආර්ථික කළමණාකරණය නිසා රට වැටී ඇති ආර්ථික අගාධයෙන් ගොඩගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් වෙත පිවිසීමට ඇති ප්‍රධාන බාධකයක් වන්නේ මෙම දැරිය නොහැකි බලශක්ති පිරිවැයයි. විදුලි මිල ඉහළ අගයක පැවතීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ අධික ලෙස ඛනිජ තෙල් මත යැපීම නිසා ජනන වියදම ඉතා ඉහළ අගයක පැවතීමයි. පැවති රජයන් විසින් අඩු වියදම් බලාගාරවලට නිසි කාලයේ ආයෝජනය කිරීම වෙනුවට තාවකාලික විසඳුම් ලෙස අධික මිලැති ඩීසල් වැනි බලාගාර ඉදිකිරීම මෙයට හේතු වී තිබේ.
ශක්ති ජනන මිශ්‍රණය උපායමාර්ගික ලෙස ක්‍රමයෙන් ඛනිජ තෙල් මත යැපීමෙන් අඩු කොට පුනර්ජනනීය ප්‍රභව මගින් හරිත අර්ථිකයට ගෙන යාම හා මූලික ගැටලුවලට විසඳම් ඉදිරිපත් කරන අතර, මෙරට බලශක්ති පද්ධතිය තරගකාරී, පාරදෘශ්‍ය, පාරිභෝගිකයන් සවිබල ගැන්ව, නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ක්ෂේත්රයක් බවට පත් ිරීම ජාතික ජන බලවේගයේ අරමුණයි. අනාගත පරම්පරාවන් සඳහා අපගේ පරිසරය ආරක්ෂා කරන අතරම ශ්‍රී ලංකාව ලෝක වෙළඳපොළේ සැලකිය යුතු පංගුවක් අත්පත් කරගන්නා මෙහෙයුම උදෙසා බලශක්තිය දායක කර ගැනීමටද ජාතික ජන බලවේගය අපේක්ෂා කරයි.‘ යනුවෙන් එහි බලශක්තිය පිළිබඳ වන කොටසේ පූර්විකාවේ සඳහන්.
ඔවුන් මෙලෙස පොරොන්දු වී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 165 පිටුවේ මෙසේ සඳහන්.
‘හ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම ඳහා තරගකාරී ප්‍රසම්පාදන සහ මිල කැඳවීම් ක්‍රියාවලිය සක්‍රීය කර, තෙල් මත පදනම් වූ විදුලි ජනනය අඩු මිලැති සූර්ය හා සුළං ප්රමුඛ පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යෙමු කිරීම.‘
ඊට අමතරව ඔවුන් සූර්ය බලශක්තිය ගැන මෙසේ පොරොන්දු වී තිබෙනවා.
‘සූරිය බලය මගින් මෙගාවොට් දෙදාහක් ක්‍රමිකව ජාතික පද්ධතියට එක් කර ගැනීම.‘
‘නව ව්‍යාපාර ආකෘති, අය ක්‍රම සහ තරගකාරීත්වය තුළින් වහල මත සවි කරන සූර්ය බල පද්ධති හා පාරිභෝගිකයන්ට හිමි ගෘහස්ථ ශක්ති ගබඩා පද්ධති ප්‍රචලිත කිරීම.‘
‘සමූපකාර මූලධර්ම මත පදනම් වූ ප්‍රජා බලශක්ති ඒක ලෙස ජාලගත කුඩා පද්ධති පිහිටුවීම.‘
‘සුහුරු ජාලය තුළින් සුනිත්‍ය බලශක්තිය විදුලිබල පද්ධතියට එක් කිරීම සහ සුහුරු ජාලය මගින් පද්ධති පාලනය සඳහා පාරිභෝගිකයාටද අවස්ථා ලබා දීම.‘
මීට අමතරව ජාතික ජන බලවේගය තවත් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබුණු අතර, එය හුදෙක් හොරකම නැවැත්වීමෙන් විදුලි බිල අඩු කිරී වැනි සරල හෝ විහිළු සහගත යෝජනාවලියක් නොවෙයි. ඇත්තෙන්ම හොරකම අවම කිරීමෙන් විදුලිබිල අඩු කිරීමටත් වඩා හර්ෂ, රනිල්, අයිඑම්එෆ් ඉදිරිපත් කරන මිල වැඩි කරලා, විකුණලා, ගෙවන්න බැරි අය අතට සල්ලි දුන්නම විදුලිය ගොඩ යන බව කීම විහිළු සහගත යෝජනාවක් ලෙස සැලකිය හැකියි.
