දුතාර්තේ! ජාත්‍යන්තර අධිකරණයේ නඩුවට හිරේ සිටියදී, නගරාධිපති ඡන්දයක් දිනලා

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ බලය පැවති ඩාවාවෝ නගරයේ නගරාධිපති ධුරයට නැවතත් තේරී පත්ව තිබෙනවා.

දුටර්ටේගේ විශ්වාසනීයතම සහකාරයන් දෙදෙනෙක් වූ ක්‍රිස්ටොෆර් “බොං” ගෝ සහ හිටපු පොලිස්පති රොනල්ඩ් “බාටෝ” දෙලා රෝසා යළිම සෙනට් සභාවට තේරී පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නමුත් දුටර්ටේ පවුල සහ මාර්කෝස් පවුල අතර ඇති දැවැන්ත දේශපාලන ආරවුල මැදිව තිබුණු මෙම මැතිවරණය අපේක්ෂාවන්ට වඩා වෙනස් ප්‍රතිඵල ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මෙම මැතිවරණය, පිලිපීනයේ දේශපාලන ඉතිහාසයෙහි වඩාත් තීරණාත්මක මැතිවරණයක් වූ අතර, මාර්කෝස් සහ දුටර්ටේ පවුල් අතර ඇති විශාල ගැටුමක් ලෙස සලකනු ලැබුවා.

Author

Related Posts