චීන ඇමෙරිකා සමඟි වෙන ලකුණු

අමෙරිකාව සහ චීනය අතර ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබෙන බවට වාර්තා වනවා.

අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණා.

ඒ සඳහා අමෙරිකාව වෙනුවෙන්, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි ව ඇති අතර  චීනය වෙනුවෙන් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගීවී තිබෙන බව පැවසෙනවා.

ස්විට්සර්ලන්තයේ පැවති දින දෙකක සාකච්ඡා අවසන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම තොරතුරු නිකුත් කර නොතිබුණ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කෙසේ වෙතත් අද (12) ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බව චීන උප අගමැති හේ ලයිෆෙන්ග් පවසා තිබෙනවා.

එමෙන්ම චීන උප වාණිජ අමාත්‍ය ලී චෙංගැං පවසා ඇත්තේ “ලෝකයට ශුභාරංචියක්” එහි අඩංගු වනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ චීන නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයම “වැදගත් එකඟතාවයකට” පැමිණ ඇති බවත් තවත් නව ආර්ථික සංවාද ආරම්භ කිරීමට එකඟ වූ බවත්ය.

මේ අතර, අමෙරිකානු නිලධාරීන් පවසා ඇත්තේ එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා “ගනුදෙනුවක්” ගැන කතා කළ බවයි.

කොයි ආකාරයකින් හෝ ලෝකයේ අංක එකේ සහ දෙවැනි තැන සිටින ආර්ථික බලවතුන් අතර වෙළෙඳ යුද්ධයේ උණුසුම තුරන්වීම ගෝලීය ආර්ථිකයටද අස්වැසිල්ලක් බව සහතිකවම පැවසිය හැකි කරුණක්.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading