පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම පුවත්පත් දැන්වීම් ඉදිරියේදී පළ කෙරෙනු ඇති බවට පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන බව “ලංකාදීප” පුවත්පත වාර්තා කරනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරය දැරූ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව ලිපියකින් දැනුම් දී තිබුණා. ඔහු 2023 දී පාර්ලිමේන්තු මහලේකම් ධුරයෙන් සමුගත් අතර, එලෙස විශ්‍රාම ගත් 2023 මැයි මාසයේ සිට ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළා.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක ජගත් වික්‍රමනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එය පිළිගෙන තිබෙනවා.
