දැරිය දුෂණය ගැන හොයන්න පෙත්සම අරන් එනකන් ඉන්න ළමා හා කාන්තා කටයුතු ඇමතිනිය

කොළඹ බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලැබූ පාසල් දැරියක් එම පාසලේම ගුරුවරයකු විසින් අපයෝජනයට ලක්කිරීමෙන් සිදු වූ මානසික කම්පනය නිසා සියදිවි නසාගැනීමේ සම්බන්ධයෙන් ඊයේ (08) පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝගනේෂන් මහතා, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මියගෙන් විමසා සිටියා.

එහිදී මන්ත්‍රිවරයා ඔහු සඳහන් කළේ, මෙම සිද්ධියට සම්බන්ධ ගුරුවරයා ජාතික ජනබලවේගයේ උතුරු කොළඹ සංවිධායකයෙක් වීම හේතුවෙන් සිද්ධිය යට ගැසීම සඳහා උත්සාහයක් පවතින බවට සැකයක් මතුව ඇති බවයි.

මේ කණ්ඩායම කලහකාරි නැහැ. ඔවුන් නීතිය ක්‍රියාත්මක කරන්න කියලයි ඉල්ලන්නේ. අවුරුදු 15ක දරුවෙක් දූෂණය කරලා. ඒ සර්ව අත්අඩංගුවට ගත්තත් නැවත ඇප දීලා තියෙනවා. පසුව ළමයව වෙන ඉස්කෝලෙකටත් මාරු කරලා. සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ටියුෂන් සර් කෙනෙක් මේ ළමයට අපහාස කරලා තියෙනවා. ඒ නිසා සිත් තැවුලට පත්වෙලා මේ ළමයා මෙහෙම කරගෙන තියෙනවා. අපහාස කරපු ක්ලාස් එකේ අයිතිකාරයා ඕගොල්ලොන්ගේ පක්ෂේ උතුරු කොළඹ සංවිධායකයෙක්. ඒ නිසා මේක යටගහන්න යනවාද කියලා සැකයක් තියෙනවා”.

මීට පිළිතුරු දෙමින් ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ්,  සඳහන් කර තිබුණේ මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන ලෙසත් පෙත්සමක් රැගෙන දැරියගේ දෙමව්පියන්ට තමාව හමුවන ලෙසත් තමා දැනුම් දුන් බවයි.

 “මේ ළමයා දූෂණය වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් JMO රිපෝට් එකත් අරගෙන තියෙනවා. මම කිව්වා මේ ගැන ළමා ආරක්ෂන අධිකාරියට පැමිණිලි කරන්න කියලා. පෙත්සමක් එක්ක මව්පියන්ට මාව ඇවිත් හම්බවෙන්න කියලා. තවමත් ආවේ නැහැ. සමාජ මාධ්‍යයෙන් යුක්තිය ඉටු කරගන්න බැහැ. නීතිය අතට අරගෙන මේවට පිළිතුරු හොයන්න බෑ. ඒ නිසා නීතිය අනුවම කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා”

Author

Related Posts