ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, එම වාර්තා පෙන්වා දෙන්නේ මෙමගින් ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි පළකරන බවයි.
එමෙන්ම, පාකිස්තානයේ සියලුම ප්‍රධාන ගුවන් තොටුපළවල් පැය 48 ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
මේ අතර, ‘සින්දූර් මෙහෙයුම’ අනුගමනය කරමින් ඉන්දියාව සහ පාකිස්තානය ගුවන් අවකාශ සීමා ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.
පාකිස්ථානයට අද (07) අලුයම මිසයිල ප්‍රහාර එල්ල කරමින් ඉන්දීය හමුදාව ‘සින්දුර් මෙහෙයුම ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව, එම ප්‍රහාරවලින් අවම වශයෙන් කාන්තාවන් සහ අවුරුදු 3ක් වයසැති ගැහැණු ළමයෙක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 46 දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තානය පවසනවා.
ඊට ප්‍රතිප්‍රහාර ලෙස පාකිස්ථානයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන්දීය ගුවන් යානා 05 ක් බිම හෙළූ බව ද පාකිස්ථානය සඳහන් කළා.
