කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයෙකුට පොලිසියෙන් වෙඩි

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (06) උදෑසන 10ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවට වාර්තා වනවා.

කිසියම් පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාළ ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඔහු පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කල අවස්ථාවේ දී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ සැකකරුගේ දණ හිසෙන් පහළට වෙඩිතැබීමක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා සීදූව විජයකුමාරතුංග රෝහල වෙත ඇතුළත් කර තිබෙන බවයි පැවසෙන්නේ.

සීදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Author

Related Posts