ජවිපෙ ලොයර්ලා මහ රෑ CID එකට ගිහින්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ග්‍රීසියේ විශාල මුදල් ආයෝජනයක් කර ඇති බවට ඔහු විසින් සිදු කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින්.

ඊයේ  (04) මධ්‍යම රාත්‍රියේදී ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු විසිනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ලක් ගොනු කර තිබුණා.

නීතිඥවරු පවසන්නේ, අදාල චෝදනා සාවද්‍ය බවත් ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් අවශ්‍ය බවයි.

නීතිඥ අකලංක උක්වත්ත මහතා මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබූ අතර ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම මහතාද මෙම අවස්ථාවට එක් වී සිටියා.

Author

Related Posts