සබරගමුවේ තවත් සිසුන්04ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුන් හට නවක වධය ලබා දීමේ සිද්ධියට අදාළ තවත් සිසුන් සිවු දෙනෙකු අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සිසුන් හෙට (06) දිනයේදී බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

ලද පැමිණිල්ලක් අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් සිව් දෙනෙකු ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබූණා.

පසුව ඔවුන් අද (05) දින බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම මෙම සිදුවිමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගත් (තුන්වන වසරේ) සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

Author

Related Posts