සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබු බව පැවසෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසනවා.
සිදුවිම සම්බන්ධයෙන් ස්ථානිය පරීක්ෂණය සඳහා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මෙම සිසුන් සිව්දෙනා සැගව සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
අදාළ නවක වද සිදුවීම සම්බන්ධව පසුගිය 29වනදා සමනළවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 2වනදා සමනළවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණා.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අද (5) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
