පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මියයාම ගැන විමර්ශනයක්

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පෙරේදා (01) එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ කොස්ගොඩ පදිංචි 28 හැවිරිදි තරුණයෙක්.

සැකකාර තරුණයාව, ඊයේ අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී හදිසියේ රෝගීවී ඇති අතර අනතුරුව ඔහුව රෝහල වෙත රැගෙන යමින් සිටිදී මියගොස් තිබුණා.

ඔහුගේ මෘත දේහය මේ වනවිට බලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා. 

Author

Related Posts