පිල්ලෙයාන් දෙමළ විමුක්ති කොටි සංවිධානයෙන් ඉවත් වුණේ වංචා දූෂණ හෙළිදරව් වූ පසුව බවත්, පිල්ලෙයන් සිටියේ 70ක පමණ පිරිසක් සමඟ බවත්, අවිආයුධ අතැති ඒ කණ්ඩායම වැඩ කළේ රාජපක්ෂවරුන්ගේ වුවමනාවට බවත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබේ.
මොනරා පුවත්පතේ කතෘ ආරියනන්ද දොඹගහවත්ත සමඟ මොනරා යූටියුබ් නාළිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.
‘පිල්ලෙයාන්ගේ ඉතිහාසය ගැන බැලුවාම, පිල්ලෙයානුයි කරුණායි එල්ටීටීඊ එකෙන් අයින් වුණේ සිංහල ජනතාව හෝ දකුණේ ජනතාව හෝ මාතෘ භූමිය ගලවාගැනීමේ අරමුණකින් නෙවෙයිනේ. සල්ලි හොරකම් කරලා ප්රභාකරන්ට අහු වුණා. ප්රභාකරන් කිලිනොච්චියට එන්න කිව්වාම, අනිවාර්යයෙන් මරනවා කියලා දන්නවා. එතකොට අයින් වුණා. හැංගි හැංගි ඉන්නකොට, ඒ අතරේ තමයි මාත් හමුදාපති වුණේ. මම හමුදාපති වෙන්න පොඩ්ඩක් කලින් හෝ පස්සේ හෝ තමයි කරුණාගේ 12 දෙනෙක්ද කොහෙදෝ කොළඹ හැංගිලා ඉන්නකොටත් එල්ටීටීඊ එකේ කට්ටිය මරලා දැම්මේ. ප්රභාකරන්ගේ මරණ තර්ජන තියෙන ඕනෑ කෙනෙක් හිටියා නම්, යුධමය හතුරා නිස ඕනෑ කෙනෙකුට ආරක්ෂාව දෙනවා. ප්රභාකරන්ගේ මරණ තර්ජනයක් තියෙනවා නම් එයා කරපු වැරදි ගැන විමර්ශන කරන එක රජය ගන්න තීරණයක්. හමුදාපතිට තීරණය කරන්න බෑ. අපි ආරක්ෂක අමාත්‍යාංශයේ උදෙස් මත කරුණාට සහ පිල්ලෙයාන්ට ආරක්ෂාව දුන්නා. කරුණාට කොළඹ තැනක හිටියා. එයාට ආරක්ෂාව දුන්නා. පිල්ලෙයාන් හිටියා පොඩි කඳවුරක් ගහගෙන සුංගාවිලටයි එතැනින් උතුර තියෙන සිංහල ගමක් පොඩි. ගමේ නම මතක නෑ. කැලෑවේ කඳවුරක් ගහගෙන. පිල්ලෙයාන් එක්ක 150ක් විතර හිටියා. එතැනින් 80ක් හිටියේ අවරුදු 13ට අඩු ළමයි. ඒ අයව අයිසීආර්සී එකට බාර දුන්නා. ඉතිරි 70යි පිල්ලෙයානුයි හිටියා. අවිආයුධත් තිබුණා. එයාට ආරක්ෂාව දුන්නා.
පිල්ලෙයාන් ඊට පස්සේ වැඩ කළේ, ඡන්දෙ ඉල්ලුවේ, දේශපාලනය කළේ ඔක්කොම කළේ රාජපක්ෂලා එක්ක. රාජපක්ෂලාගේ වුවමනාව තමයි නැගෙනහිර පළාතේ බලාගත්තේ. පිල්ලෙයාන්ගේ පිරිසක් හිටියා. හමුදාවල අය නෙවෙයි. වෙනම අවිආයුධ තිබුණා. ඒගොල්ලොත් එක එක ජාතියේ යුනිෆෝම් ඇඳගෙන මහින්ද රාජපක්ෂලාට ඕනෑ විදියට තමයි ඒගොල්ලන් වැඩ කළේ. ඒ කාලේ තමයි ඕවාට අතනින් සම්බන්ධ වුණා, මෙතැනින් සම්බන්ධ වුණා කියලා හිතන්න පුළුවන්. ඔය සහරාන් එක්ක එකට වැඩකරපු හමුදා නිලධාරීන්. ඒගොල්ලත් එක්ක පිල්ලෙයාන් සම්බන්ධ වෙලා හිටියා.‘
