රනිල් නිවේදනයකින් අල්ලස් කොමිසමට මඩ ගහන්න ගිහින් රෙදි ගලෝගෙන!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යැවූ ලියුමක් අනුර කුමාර දිසානායක දැක ඇති බවත්, ඒ නිසා අල්ලස් කොමිසම ස්වාධීන නැති බවත් හුවා දක්වමින් එම කොමිසමේ ස්වාධීනත්වයට මඩ ගැසීමට උත්සාහ කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, තමන්ම නිකුත් කළ නිවේදනයකින් තමන්ගේ පටු උත්සාහය නිරුවත් කරගෙන තිබෙනවා.

ඒ නිවේදනයේ හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට ලියුමක් යවා ඇත්තේත් නෑ, ලියුම යවා ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නීතිඥයා වන රෝලන්ඩ් පෙරේරායි.

රනිල් වික්‍රමසිංහ නිවේදනය නිකුත් කර ඇත්තේ, තමන් අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බව පවසමින්.

එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ  රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමෙන් පසුව අප්‍රේල් 11 දා  “11 වැනි දා එන්න විදියක් නැ” යනුවෙන් අල්ලස් කොමිසම හමුවට පැමිණීමට නොහැකි බවට හිටපු ජනාධිපතිවරයා තමන්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිකර තිබූ නිසා ජනාධිපති අනුර කුමාර කියා තිබුණේ, සියල්ලන් දැන සිටි දෙයක් බව.

කෙසේවෙතත් අප්‍රේල් 12 වනදා මඩකලපුවේ පැවති රැස්වීමකදී ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ” ලියුමක් දුටු බව සඳහන් කර කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා 17 එන්න විදිහක් නැ අවුරුදු කනවලු” සඳහන් කරමින් බවද එම නිවේදනයේ සඳහන් වුණත්, සැබෑ ලෙසම ජනාධිපතිවරයා කියා තිබුණේ ‘දැන් මං දැක්කා, ලියුමක් එවල තියෙනව‘ යනුවෙනුයි. එහි අර්ථය විය හැක්කේ ලියුමක් එවා ඇති බව ජනාධිපතිවරයා දුටු බවයි. ලියුම සියැසින් දුටු බව ඔහු ඍජුව කියා නෑ.

තමන් කිසිම අවස්ථාවක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසම වෙත ලිපියක් මගින් දැනුම් දීමක් කර නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනය මගින් සඳහන් කරනවා. කොමිසම වෙත පැමිණිමේ දිනය කල් දමන ලෙස ඉල්ලා ලිපියක් යොමු කළේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙර්රා මහතා විසින් බවත් ඒ මහතා එහිදි ඉල්ලා සිටියේ අප්‍රෙල් 17 වනදා දිනය වෙනුවට අප්‍රෙල් 28 වනද යින් පසු දිනයක ලබා දෙන ලෙස බවයි පවසන්නේ.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍යවල ප්‍රකටව, මේ කරුණ සියල්ලන් දැන සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා නීතිඥයා නොමැති බව පවසමින් වෙනත් දිනයක් ඉල්ලූ බවක්. අල්ලස් කොමිසම මඟහරින්නට රනිල් වික්‍රමසිංහ දින ඉල්ලූ කතන්දරය රටම දැන සිටියා. ඉතින්, පෙනෙන ආකාරයට ජනාධිපතිවරයා කියා ඇත්තේ ඒ රටම දැන සිටි කරුණයි. නීතිඥයාගෙ ලියුමක් අනුර කුමාර දිසානායක දැක තිබුණේ නම් ඔහු කිව යුත්තේ ඒ ගැනයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් අනතුරුව අප්‍රෙල් 11 වනදා ලිපියට අනුව සාක්කි දිමට පැමිණන ලෙස සඳහන් කළත් අප්‍රේල් 21 වනදා අල්ලස් කොමිසම මගින් හිටපු ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් 2023 අංක 09 දරණ දුෂණ විරෝධී පනතේ ප්‍රකාරව චෝදනාවක් ද එල්ල කර තිබු බව සඳහන්.

මීට අමතරව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මඩ ගැසීම සඳහා තව කරුණූ කිහිපයක් රනිල් වික්‍රමසිංහගේ නිවේදනයට ඇතුළත් කර තිබුණා. මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ප්‍රබල පුද්ගලයන් 300කට පමණ එරෙහිව විමර්ශන අරඹා තිබෙනවා. ඒ අතර හිටපු අමාත්‍යවරුන් 15 දෙනෙකුට එරෙහි චෝදනා පවතිනවා.

ලංකා ඉතිහාසයේ මැතිවරණයකට බලයේ සිටින ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත්ව අඩුම ඡන්ද ප්‍රතිශතයක් ලබමින් පරාජය වූ පුද්ගලයා වන රනිල් වික්‍රමසිංහ මේ වන විට වසර 10කින් මෙරට මැතිවරණයකදී ජයග්‍රහණයක් ලබා නැහැ. අරගලය අවසානයේ ඉල්ලා අස්වෙන්නට පොරොන්දු වී, නිර්ලජ්ජිත ලෙස කුමන්ත්‍රණකාරී ලෙස ජනාධිපති ධුරය කොල්ලකෑ ඔහුට, කණගාටුදායක ලෙස මේ වන විටත් මාධ්‍යවලින් අවදානය ලබා දෙනවා.

Author

Related Posts