ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන නියෝජ්‍ය ඇමති දේශබන්දු හමුවෙලා කයියකුත් ගහලා

ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මුණගැසී මඳ වෙලාවක් කතා කරමින් සිට තිබෙනවා.

ඒ, කලාකරු සමන් සිල්වාගේ අවසන් කටයුතුවලට සහභාගී වූ අවස්ථාවේයි.

මේ වන විට දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය විශ්වාසභංගයක් ඉදිරිපත් කර තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාවේ ඇති කරුණු විභාග කිරීම උදෙසා වූ කමිටුව මේ වන විට කිහිප වතාවක් රැස්ව සාකච්ඡා කර තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් මේ වන විට ඩබ්ලිව්15 හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප පිට නිදහස්ව සිටිනවා. එම නඩුව විභාග වෙමින් පවතින අතර, ඇප ලබාගත් අවස්ථාවේදී අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මෙන්ම අධිකරණය සහ පොලීසිය මඟහරිමින් දින 20ක කාලයක් සැඟවී සිටීම ගැනද ඔහුට චෝදනා එල්ල වෙනවා.

එමෙන්ම මේ දිනවල සිදුවන අපරාධකාරී ක්‍රියා පසුපස දේශබන්දු තෙන්නකෝන්ද ඇතුළත් වූ අපරාධකාරී යාන්ත්‍රණයක් ඇතැයි සැකයක්ද සමාජය තුල මතුව තිබෙනවා.  

තැන් තැන්වල වෙඩි තැබීම් සිදුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ප්‍රකාශ කළ අතර, ඊට පෙර ඔහු කියා තිබුණේ ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් දීමේ හැකියාවක් තම පාර්ශ්වයට ඇති බවයි.

Author

Related Posts