පුංචි ඡන්දෙට මගේ නම පාවිච්චි කරලා:මම දන්නේ නැහැ-චන්ද්‍රිකා

තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදි ඇය සිය ලිපියෙන් පවසන්නේ අත්තනගල්ල ප්‍රාදේශය බල ප්‍රදේශය තුල පුටුව ලකුණින් මැතිවරණයට ඉදිරිපත්වන පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයින් තම ඡායාරූපය සහිතව ලසන්ත අලගියවන්න හා සරණ ගුණවර්ධනගේද ඡායාරූප සහිත අත්පත්‍රිකා බෙදමින් සිටින බවත් ඒ සඳහා කිසිදු අවසරක් තමා ලබා දී නොමැති බවත් ය.

තවද කිසිදු ලෙසකින් තම නම හෝ ඡායාරූපය කිසිදු ලෙසකින් භාවිත නොකරන ලෙස පැහැදිලිව පුටුව ලකුණින් තරඟ කරන සියලු අපේක්ෂකයින්ට තරයේ දැනුම්දී තිබෙන බව ඇය සිය ලිපියෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබෙනවා.

මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එම කටයුත්ත වහාම නතර කරන ලෙසද හිටපු ජනාධිපතිනිය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපතිනිය කළ පැමිණිල්ල,

Author

Related Posts