හැංගිමුත්තන් ප්‍රසන්නගේ පෙත්සම එළියට

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන් ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ, ප්‍රසන්න රණවීර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව පසුගිය මාර්තු 17 වන දා හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරට මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක්ද පනවා තිබුණා.

ඒ, එම සිද්ධියට අදාළ ව හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔහු සොයා ගියත් ඔහු පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබී තිබීම හේතුවෙන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා ඇතුළු පිරිසක් මේ වන විට මහර මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.

Author

Related Posts