ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට, ඉන්දියාවෙන් යන්න පැය 48ක්

සාර්ක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය (SVES) යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවෙන් පිටවීමට පැය 48 ක කාලයක් ලබා දී තිබෙනවා.

ඒ කාශ්මීරයේ ඊයේ(23) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ගත් ප්‍රධාන පියවර කිහිපයක ප්‍රතිපලයක් ලෙසයි.

එමෙන්ම නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ සහ ඉස්ලාමාබාද්හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරු අවලංගු කිරීමටද පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඉන්දියාව ද සිය ආරක්ෂක හමුදා “ඉහළ සෝදිසියකට” ලක් කර ඇති බවද සඳහන්.

Author

Related Posts