ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 7 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පෙරේදා (22) වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීමක් සිදුකර ඝාතනය කරනු ලැබුවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබු බව පොලිසිය කියා සිටියා.
